English   සිංහල   தமிழ்

බෙරෙන්ඩිනා සමූහය


බෙරෙන්ඩිනා ආයතනය ,ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස දුගීභාවය තුරන් කිරීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන ආයතනයකි. බෙරෙන්ඩිනා සමූහය බෙරෙන්ඩිනා සංවර්ධන සේවය, බෙරෙන්ඩිනා ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනය , බෙරෙන්ඩිනා රැකියා මධ්‍යස්ථානය වශයෙන් ආයතන 3 කි.

බෙරෙන්ඩිනා සංවර්ධන සේවය දුගී බවින් අන්ත පවුල් සඳහා ආදායම් උත්පාදන මාර්ග හඳුන්වා දීමත්,පාසැල් යන දක්‍ෂ සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබා දිමත් ,තරුණ තරුණියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන සහ රැකියා අවස්ථා ළඟා කර දිමේ වැඩසටහන් සහ,වතු අංශය සඳහා පානීය ජල සම්පාදන වැඩසටහන් මෙන්ම ,අනෙකුත් යටිතල පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතීන්ද සිදු කරනු ලබයි.

දුගිභාවය තුරන් කිරීම මුලික කරගත් බෙරෙන්ඩිනා ක්ෂුද්ර මූල්ය ආයතනය 2016 වර6ය වන විට 97,032 කටත් අධික සේවා දායකයින් පිරිසකට සිය සහයෝගය දක්වයි.

බෙරෙන්ඩිනා සංවිධානය පිළිබදව තවදුරටත් තොරතුරු සඳහා www.berendina.org අන්තර්ජාල පිවිසුම බලන්න

බෙරෙන්ඩිනා රැකියා මධ්‍යස්ථානය


බෙරෙන්ඩිනා රැකියා මධ්‍යස්ථානය 2000 වර්ෂයේදී ආරම්භ කරන ලද්දේ ග‍්‍රාමීය සහ වතු අංශයේ විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් සඳහා සුදුසු රැකියා අවස්ථා සපයාදීම හා රැකියා ඇබෑර්තු රැසක් සපුරා ගැනීමේ අපේක්‍ෂාවෙන් යුතුව සිටින ආයතනයන් වෙත අවම පිරිවැයකින් යුතුව සුදුසු පුද්ගලයන් යොමු කිරීමේ අරමුණෙනි.

ආරම්භයේ සිටම රැකියා අපේක්‍ෂිතයින් 13,000 කටත් වැඩි පිරිසක් රටේ විවිධ සහ පිළිගත් ආයතනයන් රැසක ඉතා සාර්ථක ලෙස රැකියාගත කිරිම බෙරෙන්ඩිනා රැකියා මධ්‍යස්ථානය අත්පත්කරගත් ඉහළම ඉලක්කයක් වේ.

බෙරෙන්ඩිනා රැකියා මධ්‍යස්ථානය සමග සම්බන්ධ වී සිටින රැකියා අපේක්‍ෂිතයන්ගේ වෘත්තීමය සුදුසුකම් සහ අනෙකුත් සුදුසුකම් සියල්ල විශ්ලේෂණය කිරිමෙන් අනතුරුව ඔවුන්ව රැකියාගත කිරිම සිදු කරන අතර තවදුරටත් ඔවුන්ගේ වෘත්තියමය සුදුසුකම් වර්ධනය කරගැනිම උදෙසා අවශ්‍ය අවස්ථාවන්හීදී වෘත්තිය පුහුණු හා අනෙකුත් පුහුණු වැඩසටහන් වෙත යොමු කරනු ලැබේ. එහිදී ඔවුන්ව දිරිමත් කිරිමේ අරමුණින් විශේෂයෙන්ම දුප්පත් පවුල්වල තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණු සඳහා ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කරනු ලබයි.

රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ගේ පෞද්ගලික හා අනෙකුත් තොරතුරු ඇතුළත් දත්ත ගොනුවක් අප විසින් පවත්වාගෙන යන අතර දැනටමත් අප සමග ලියාපදිංචි වී සිටින ආයතනයන්වල රැකියා අවස්ථාවන් සඳහා ඔවුන් යොමු කරනු ලැබේ. 2016 වර්ෂය තුළදී කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවයෙන්ම 1623 ක පමණ තරුණ පිරිසක් රැකියාගත කර ඇත.

මේ වන විට බෙරෙන්ඩිනා රැකියා මධ්‍යස්ථාන ශාඛාවන් 10 ක් දිවයින පුරා විසිරී ඇති අතර ප‍්‍රධාන කාර්යාලය නාවල පිහිටා ඇත. අනෙකුත් ශාඛාවන් යටියන්තොට,ගිනිගත්හේන, නුවරඑළිය, කෑගල්ල, පුත්තලම , අනුරාධපුර ,ගාල්ල,මාතර, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන ප‍්‍රදේශයන්වල පිහිටා ඇත.


අපගේ දැක්ම

    දිළිදු බවින් තොර බලගැන්වූ තුලනාත්මක සමාජයක් ගොඩනැගීම.

අපගේ මෙහෙවර

    රැකියා විරහිත හා ඌන සේවා නියුක්ත තරුණ තරුණියන් හට රැකියා පිළිබද උපදේශන සේවා සැපයීම,     වෘත්තීය පුහුණු පාඨමාලාවන් හදුන්වාදීම, සමාජසේවා ව්‍යාපාර වැඩසටහන් සදහා සම්බන්ධ කිරීම හා රැකියාවන් ලබාදීම මගින් ඔවුන් සමාජයේ ඵලදායී පුද්ගලයන් බවට පත් කිරීම.


 

ප්‍රධාන අන්තර්ගතයන්


රැකියා උත්පාදන අවස්ථාවන්

  • රැකියා පොළවල්

  • රැකියා අරමුණු පාදක කරගනිමින් බෙරෙන්ඩින රැකියා මද්‍යස්ථාන විසින් රැකියා පොළවල් පවත්වනු ලබයි. ප්‍රදේශයන්හි සිටින සිටිනු ලබන රැකියා අපේක්ෂකයන් හා සේවා යෝජකයින් අතර ඍජු සම්බන්ධතාවක් ඇති කිරීම අරමුණයි. ප්‍රදේශ පරිදි කීපයක් ආවරණය වන පරිදි දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි රැකියා පොළවල් පවත්වනු ලබන අතර මේ තුලින් රැකියා අපේක්ෂකයින්ට තමන්ට සුදුසු රැකියාවක් තෝරා ගැනීමට අවැසි පහසුකම් සැපයීම අරමුණ වේ . සේවා යෝජයකයන් හටද කිසිදු පැකිලීමකින් තොරව සුදුසු රැකියා අපේක්ෂකයා තෝරා ගැනීමේ හැකියාව මේ තුලින් හැකි වේ .

  • කුඩා රැකියා පොළවල්

  • ප්‍රදේශයේ පවතින රැකියා ආයතන එකක් හෝ දෙකක පවතින රැකියා අවශ්‍යතා පුරප්පාඩු සපුරා ගැනීම අරමුණු ඉලක්ක කරගනිමින් සංවිධානය කරනු ලබන කුඩා රැකියා වෙළදපොල සුවිශේෂී අංගයක් ලෙස සදහන් කල හැක.මෙහිදී ප්‍රධාන වශයෙන් ආයතනයේ පවතින සීමිත රැකියා අවස්තා පුරප්පාඩු සපුරා ගැනීම වස් පවත්වනු ලැබේ.


වෘර්තීය පුහුණුව සදහා ශිෂ්‍යාධාර සැපයීම

බෙරෙන්ඩිනා රැකියා මධ්‍යස්ථානය මේ දක්වා අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණු ශිෂ්‍යත්ව 6,500 කටත් වැඩි ප‍්‍රමාණයක් ලබා දී ඇති අතර ඔවුන්ගෙන් 65% ක ප‍්‍රමාණයක් ඵලදායි රැකියාවල නියුක්ත වී සිටින බව ආයතනය විසින් සිදුකරන පසු විපරම් කටයුතුවලදි තහවුරු කරගෙන ඇත. බෙරෙන්ඩිනා රැකියා මධ්‍යස්ථානය වෘත්තීය පුහුණු අධිකාරිය ,ජාතික ආධුනිකත්ව මණ්ඩලය ,ජාතික තරුණසේවා සභාව හා කාර්මික විද්‍යාල යන රජයේ පිළිගත් වෘත්තීය පුහුණු ආයතන හා රජයේ පිළිගත් පුද්ගලික ආයතන වෙතද තරුණ තරුණියන් යොමු කරන අතර ඔවුන් සඳහා පුහුණු ගාස්තු සහ හෝ ගමන් වියදම් ශිෂ්‍යාධාර ලෙස ලබාදීම සිදුකරයි.


වෘර්තීය මාර්ගෝපදේශනය සහ උපදේශනය

බේරෙන්ඩිනා රැකියා ආයතනයේ සිදු කරනු ලබන සේවාවන් අතරින් සිදු කරනු ලබන ප්‍රධාන සේවාවක් වනුයේ වෘත්තීය මාර්ගෝපදේශනය සහ උපදේශනයයි.පාසැල හැර යන තරුණ තරුණියන්ගේ හෙට දවස සහ ඔවුන්ගේ හැකියාවන්, කුසලතාවන් මොනවද යන්න සහ ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගනුයේ කෙසේද යන්න මේ තුලින් මග පාදා දෙනු ලැබේ. අපගේ දක්ෂ සහ පළපුරුදු කාර්ය මණ්ඩලය වෘත්තීය මාර්ගෝපදේශනය සහ උපදේශනය උදෙසා කැපවී සිටින අතර,ඔබට අවැසි පරිදි මෙම සේවාව අපගේ ආයතනයන් තුලින් ලබා ගත හැක. පුගලයා තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදෙනු ලබන අතර, මේ තුලින් පුද්ගල පෞරුෂ වර්ධන ක්‍රියාවලීන් සහ රැකියා ජීවිතයේ පවතිනු ලබන ගැටළු සහ අභියෝග වලට මුහුණ දීමේ ශක්තිය ප්‍රායෝගික සහ න්‍යායාත්මකව සාකච්චා කරනු ලැබේ.