English   සිංහල   தமிழ்


වෘත්තිය පු‌‍‌‍‍‌‍හුණුව

වෘත්තිය පු‌‍‌‍‍‌‍හුණුව යනු යම් පුද්ගලයෙකු කිසියම් වෘත්තියක් හෝ විශේෂිත වූ රැකියාවක් සඳහා සැලසුම්ගතව හා ක්‍රමානුකුලව පුහුණු කිරීමේ වැඩසටහනකි. එය සමස්තයක් වශයෙන් රටකට සිය ඵලදායිතාවය ඉහල නංවාගැනීමට මෙන්ම රැකියා වෙළඳපල තුල වැඩි වාසි අත්කර ගැනීමට සෘජු දායකත්වයක් සපයයි. සුදුසු වෘත්තිය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හරහා රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් හට පවත්නා ශ්‍රම වෙළඳපල ඉල්ලුමට හා ප්‍රවනතාවයන්ට ගැලපෙන මෙන්ම, සිය පුද්ගලික රුචි අරුචිකම් වලටද අනුකුලවන ඵලදායි රැකියා අවස්ථා උදාකරගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.


තෝරාගත් තරුණ තරුණියන් සඳහා වෘත්තිය පුහුණු ශිෂ්‍යත්ව පිරිනැමීම

බෙරන්ඩිනා රැකියා මධ්‍යස්ථානය , ලංකාවේ දිළිඳු පවුල්වල තරුණ තරුණියන් හට අතදීමක් වශයෙන් , ඔවුන්ට අවශ්‍ය වෘත්තිය පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.මෙහිදී බෙරන්ඩිනා රැකියා මධ්‍යස්ථානය,විවිධ වූ ජාතික තලයේ වෘත්තිය පුහුණු ආයතන(VTA / NAITA) හා පෞද්ගලික අංශයේ වෘත්තිය පුහුණු ආයතන සමග ඒකාබද්ධ වී කටයුතු කරයි. බෙරන්ඩිනා රැකියා මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන විවිධ ප්‍රදේශ වල සිටින දුගී දුප්පත් පවුල්වල තරුණ තරුණියන්හට මේ සඳහා අවස්ථාවන් උදාවන අතර,මෙම තරුණ තරුණියන් එම ප්‍රදේශයේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පරිවාස දෙපාර්තමේන්තු ශාකාවන්, රාජ්‍ය නොවන සංවිධාන වැනි විවිධ ආයතන වල සහයෝගයෙන් මෙන්ම රැකියා පොළවල් පැවැත්වීම මගින්ද තෝරා ගනු ලබයි.

වෘත්තිය පුහුණුව සඳහා තෝරාගැනීම් පහත සඳහන් නිර්ණායක පදනම් කරගනිමින් සිදු කරනු ලබයි.
  • සමෘද්ධි(රජය විසින් දෙනු ලබන සහනාධාර) වැඩසටහනට අයත් පවුල්වල සිටින තරුණ තරුණියන්.
  • වතු කම්කරුවන්ගේ පවුල්වල සිටින තරුණ තරුණියන්.
  • අනත්දරු හා ළමා නිවාස වල සිටින තරුණ තරුණියන්.
  • විශේෂ අවශ්‍යතා ඇති තරුණ තරුණියන්.

තෝරාගත් තරුණ තරුණියන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා පෞද්ගලික අංශය සමග ඇති කරගනු ලබන හවුල්කාරීත්වයන්.

දුරස්ථ හා දුෂ්කර ගම්මාන වලින් තෝරාගත් තරුණ තරුණියන් හට අවශ්‍ය කරන තාක්ෂණික මෙන්ම පුද්ගල පෞරුෂ වර්ධන හැකියාවන් ලබාදීම සඳහා බෙරන්ඩිනා රැකියා මධ්‍යස්ථානය මේ වන විට පෞද්ගලික අංශයේ ආයතන සමග හවුල්කාරීත්වයන් සඳහා ප්‍රවිශ්ඨ වී ඇත. වර්තමානයේදී පෞද්ගලික ආයතන රාශියක් බෙරන්ඩිනා රැකියා මධ්‍යස්ථානය සමග හවුල්කාරීත්වයන් සඳහා අත්වැල් බැඳගනිමින් ඉහත සඳහන් කල වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. එය ඔවුන් ගේ ආයතනික සමාජ වගකීම් හා බැඳුනු ක්‍රියාකාරකම් සඳහා මුලපිරීමකි.

මෙම හවුල්කාරිත්වයන් හරහා :
  • බෙරන්ඩිනා රැකියා මධ්‍යස්ථානය තමන් ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක වල සිටින අඩු අදායම්ලාභී පවුල් වලින් මේ සඳහා සුදුසු තරුණ තරුණියන් හඳුනා ගනු ලබයි.
  • හවුල්කාරිත්ව ආයතනය මගින් මෙම තරුණ තරුණියන් සඳහා,එම ආයතනවල දැනට පවතින හා ඉදිරියෙදී ඇතිවේ යයි අපේක්ෂිත රැකියා පුරප්පාඩු ඉලක්ක කර ගනිමින්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා කාර්මික පුහුණු ලබාදීම වෙනුවෙන් අනුග්‍රහය දක්වනු ලබයි.
  • මෙම පුහුණු සාර්ථකව නිමකරනු ලබන තරුණ තරුණියන්ව එම හවුල්කාරීත්ව ආයතනවල ඇති සුදුසු රැකියා අවස්ථාවන් සඳහා තෝරාගනු ලබයි.
  • බෙරන්ඩිනා රැකියා මධ්‍යස්ථානය මගින් මෙම තරුණ තරුණියන් හට අදාළ පුහුණු කාලය තුල, සිය විය හියදම් පියවා ගැනීම සඳහා මාසික ජීවන දීමනාවක් පිරිනමනු ලබයි.
2014 වසර තුල බෙරන්ඩිනා රැකියා මධ්‍යස්ථානය ලංකාවේ තිබෙන විවිධ මහා පරිමාන පුද්ගලික ආයතන රාශියක් සමග මෙවන් හවුල්කාරීත්වයන් ගොඩනගා ඇත. මේ අතරින් CINEC, JETWING, Harpo’s සහ SANKEN යන ආයතන ප්‍රධාන තැනක් ගනී. මෙම ආයතන බෙරන්ඩිනා රැකියා මධ්‍යස්ථානය සමග එක්වී දිළිඳු පවුල් වල සිටින තරුණ තරුණියන් සඳහා රැකියා ඉලක්ක කරගත් විශේෂිත වෘතිය පුහුණු ලබා දීම සිදු කරයි.